by Staff writer 03-02-2022 | 3:19 PM
Colombo news1st - පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුවිය හැකි බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම පහත බැස ඇති බවයි.
එමෙන්ම දෛනික ජල පාරිභෝජනයද, ඉතා ඉහළ මට්ටමක පවතින බව එම නිවේදනයේ සඳහන් ය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, වාහන සේදීම, ගෙවතු වගාව වැනි අත්‍යවශය නොවන කටයුතුවලට පානීය ජලය භාවිත නොකරන ලෙසයි.
උස් බිම්වල ජල පාරිභෝගිකයින් වෙත ජලය බෙදාහැරිම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ද, එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.