අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff Writer . 03-02-2022 | 2:19 PM

COLOMBO (News 1st) –  තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වු බව අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

රාගම වෛද්‍ය පීඨ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු 7 කු අත්අඩංගුවට ගෙන වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයකට ඉඩ තබමින් තමා ධුරයෙන් ඉල්ලා අස් වූ බවයි. ඔහු පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රීත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.