IOC ඩීසල් මිලදී ගන්න කැබිනට් අනුමැතිය

IOC ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් මිලදී ගන්න අනුමැතිය

by Staff Writer . 01-02-2022 | 3:15 PM

COLOMBO (News 1st) –  ඉන්දීය ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. බලශක්ති අමාත්‍යංශය සමග පැවති සාකච්ඡාවේදී ඉන්දියානු ඔයිල් සමාගම ඊට එකඟතාව පළ කළේ ය. ඊට අමතරව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000 ක් ලබාගැනීම සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර සාකච්ඡා පවත්වා තිබේ.