19 හැවිරිදි තරුණයෙකු ඝාතනය කෙරේ

19 හැවිරිදි තරුණයෙකු ඝාතනය කෙරේ

by Staff Writer . 01-02-2022 | 5:16 PM

COLOMBO (News 1st) - මාලඹේ ,කැකිරිහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, දෙදෙනෙකු අතර ඇතිවූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව ය. මියගොස් ඇත්තේ මාලඹේ ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි තරුණයෙකි. සිද්දියට සම්බන්ධ අනෙක් පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක වේ.