නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් යළි අක්‍රියයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් යළි අක්‍රියයි

by Staff Writer . 01-02-2022 | 5:12 PM

COLOMBO (News 1st- නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් යළි අක්‍රිය වී තිබේ.

ලංකා විදුලි-ලයේ අතිරේක සාමාන්‍යාධිකාරී, මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ ඉන් ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක් අහිමි වන බවයි. මේ අතර කොළඹ වරායේ පාවෙන බලාගාරය සහ සපුගස්කන්ද ඒ බලාගාරයක විදුලි ජනනයද මේ වනවිට සිදුවන්නේ නැහැ. බලාගාර කිහිපයකට අවශ්‍ය ඩීසල් හා දැවි තෙල් තොග ද ප්‍රමාණවත් වන්නේ තවත් දින එක හමාරකට පමණක් බව විදුලිබල මණ්ඩලය පවසයි. මේ සතිය තුළ දෛනික විදුලිය ඉල්ලුම ද මෙගාවොට් 100 කින් ඉහළ ගොස් තිබේ. එබැවින් අපේක්ෂිත ඉන්ධන තොග නොලැබුණහොත් යළිත් විදුලි ජනනය අර්බුදයකට ලක්වන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. . කෙසේ වෙතත් ඔහු පැවසුවේ සපුගස්කන්ද බී. බලාගාරයට අද පස්වරු දෙක වනවිට දැවිතෙල් ඝන මිටර් 397 ක් ලැබී ඇති අතර එම බලාගාරය මේ වනවිට පුර්ණ ධාරිතාවයෙන් ක්‍රියා කළ හැකි බවයි.