by Staff Writer . 01-02-2022 | 9:38 AM
COLOMBO (News 1st) – 2021 - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ, ඒ අනුව විභාගය අවසන් වන තෙක් අපේක්ෂකයින් සඳහා උපකාරක පංති සංවිධානය කිරීම, පංති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම සම්පුර්ණයෙන් තහනම් බවයි.
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 7 වැනිදා ආරම්භ වේ.
කොරෝනා අසාදිත සිසුන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා රෝහල් පද්ධතිය සූදානම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හා අධ්‍යාපන බලධාරින් සමඟ සාකච්ඡා කර ප්‍රදේශයට අදාළ රෝහලේදී විභාගයට පෙනී සිටීමේ අවස්ථාව සිසුන්ට හිමිවන බවයි.
කොරෝනා රෝග ලක්ෂණ සහිත සිසුන්ට විභාගයට පෙනී සිටීම සඳහා සෑම විභාග මධ්‍යස්ථානයකම වෙනම පංති කාමරයක් සකස් ඇතැයි ද ඇය පැවසුවා ය.