විදුලි කප්පාදුව ගැන තීන්දුව අද

විදුලි කප්පාදුව ගැන තීන්දුව අද

by Staff Writer . 31-01-2022 | 8:57 AM

COLOMBO (News 1st) –  ඉදිරි දින කිහිපයේ දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර දෙනවා ද නැද්ද යන්න පිළිබඳ අද තීරණයක් ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් පසුගිය 27 වැනිදා සිදු කළ සමාලෝචනයෙන් පසු අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කළේ ය. මේ අතර විදුලි අර්බුදය සම්බන්ධයෙන් අද තවත් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ, පෙරවරු 11.30 ට එම සාකච්ඡාව පැවැත්වෙන බවයි. මේ අතර අද රැස්වීමට නියමිත කැබිනට් මණ්ඩලයේදී පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් දික් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා සිටින බව විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ ය.