by Staff Writer . 31-01-2022 | 3:43 PM
COLOMBO (News 1st) - පසුගිය දා රුපියල් කෝටි 350 කට අධික මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 17 දෙනා අතරින් සැකකුරුවන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
අධිකරණය නියෝග කර ඇත්තේ, ඉතිරි සැකකරුවන් 5 දෙනා නිදහස් කරන ලෙසයි.
හෙරොයින් ක්‍රිලෝගෑම් 350 කට අධික තොගයක් සමග ට්‍රෝලර් යාත්‍රා දෙකක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වන ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා භාරයට පතවූයේ, පසුගිය (24) වැනිදායි.
අත්අඩංගුවට ගත් එම ටෝලර් යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ, මාතර කුඩාවැල්ල ධීවර වරායෙනි.
රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාව කළ වැටලිමකදී සැකකරුවන් සමග මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනිණ.
පසුව අනාවරණය වී තිබුණේ, හෙරොයින් ජාවාරම ඩුබායිහි සිටින හරක්කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවන ලද්දක් බවටයි.