නොරොච්චෝලෙන් මෙගාවොට් 160ක් ජාතික පද්ධතියට

නොරොච්චෝලෙන් මෙගාවොට් 160ක් ජාතික පද්ධතියට

by Staff Writer . 31-01-2022 | 8:39 AM

COLOMBO (News 1st) –  අක්‍රීයව පැවති නොරොච්චෝලෙ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 160ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

නිව්ස් ෆස්ට් කළ විමසීමකදී මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා මේ බව සඳහන් ප්‍රකාශ කළේ ය. පසුගිය දෙසැම්බර් 03 වැනිදා සිට එම යන්ත්‍රයෙන් අහිමිවූ මෙගාවොට් 300ක විදුලි ධාරිතාව ආවරණය කර ගැනුනේ කැලණිතිස්ස ඩීසල් බලාගාරයෙනි.