COLOMBO (News 1st) – 74 වැනි නිදහස් උත්සවයේ පෙරහුරු වෙනුවෙන් කොළඹ මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්ම අදත් ක්‍රියාත්මක වේ.
රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර කොට්ඨාසයේ අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ ඒ අනුව ලබන තුන්වැනිදා දක්වා පෙරහුරු පැවැත්වෙන කාලසීමාව තුළ උදෑසන 7 සිට පස්වරු දෙක දක්වා එම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.
අදාළ කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද ඔහු රියැදුරන්ට දැනුම් දෙයි.
එලෙස රථවාහන ගමනාගමනය සීමා කරන සහ භාවිත කළ හැකි විකල්ප මාර්ග පිළිබඳ විස්තරය පහතින්....
