දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි

දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි

by Staff Writer . 31-01-2022 | 10:34 AM

COLOMBO (News 1st) – මාර්ග කිහිපයක දුම්රිය ගමන්වාර 14 ක් අද අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ නියාමකවරුන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙනි. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක් , මුහුදු බඩ මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය 04 ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 03 ක් සහ උතුරු මාර්ගයේ කුරුණෑගල දක්වා ධාවනය වන දුම්රිය ද අවලංගු කළ දුම්රිය අතරට අයත් ය. මේ අතර කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිතව තිබු කාර්යාල දුම්රිය අවලංගු වීම නිසා මගීහු දැඩි පීඩාවකට පත් වූහ.