දිවයින පුරා ජංගම එන්නත්කරණ වැඩසටහනක්

දිවයින පුරා ජංගම එන්නත්කරණ වැඩසටහනක්

by Staff Writer . 31-01-2022 | 9:19 AM

COLOMBO (News 1st) –  අද දිවයින පුරා ජංගම එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, පනාගොඩ යුද හමුදා කඳවුරේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනි. යුද හමුදාපතිවරයා පැවසුවේ, රැස්වන ස්ථානලවල මෙන්ම රජයේ ආයතනවල ද ත්‍රිවිද හමුදාව යොදවා ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන බවයි. මේ අතර කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලවක් අද නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පසුගිය දෙසැම්බර් මස 31 සිට අද දක්වා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාව හෝ සංශෝධිත මාලාවක් එලෙස අද නිකුත් කිරීමට නියමිත බවයි. මේ අතර මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දහස ඉක්මවා ගියේ ය. ඒ අනුව ඊයේ හදුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 1056 කි. ඒ සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 610, 103 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසී ය. කොරෝනා මරණ 20 ක් ඊයේ වාර්තාවීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,420 ක් දක්වා ඉහළ ගියේ ය. සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 578, 051ක් ලෙසයි. ආසාදිතයින් 16 632 දෙදෙනෙක් තවදුරටත් රොහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටිති.