කටුගස්තොටදී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

කටුගස්තොටදී කියතකින් කකුල් කපා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff Writer . 31-01-2022 | 9:49 AM

COLOMBO (News 1st) –  කටුගස්තොට, මහංගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පෞද්ගලික ආරවුලක් දුරදිග යෑම ඝාතනයට හේතුවයි. එහිදී එක් පුද්ගලයෙකු අනෙක් පුද්ගලයාගේ කකුල් දෙක ගස් කපන යාන්ත්‍රික කියතකින් කපා බරපතළ ලෙස තුවාල සිදු කර ඇතැයි, පොලීසිය ප්‍රකාශ කළේ ය. තුවාලකරු පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ශල්‍ය කර්මයට භාජනය කරමින් සිටියදී මිය ගොස් තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් 54 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.