by Staff Writer . 30-01-2022 | 10:23 AM
COLOMBO (News 1st) - විදේශ මුදල් තොගයක් නීතිවිරෝධීව ඩුබායි බලා රැගෙන යාමට තැත්කළ 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ශ්‍රි ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයයේ නිලධාරීන් කලක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුවයි.
සැකකරුවන්ගේ ගමන් මලුවල තිබී එක්සත් ජනපද ඩොලර් 95000, යුරෝ 18000 ක් සහ සවුදි රියාල් 37000 ක් රේගු භාරයට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක, සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ ය.
එහි මෙරට වටිනාකම රුපියල් මිලියන 25 කට ආසන්න වේ.