home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
රථවාහන තදබදයට විසඳුමක් ලැබෙන නාවල ඇළ හරහා හදන නව පාලමේ ඉදිකිරීම් 60%ක් අවසන් - ඇමති ජොන්ස්ටන්
by Staff Writer .
30-01-2022 | 1:55 PM
COLOMBO (News 1st) - ඇතුල්කෝට්ටේ දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙස රාජගිරිය, නාවල ඇළ හරහා නව පාලමක් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට 60%ක මට්ටමේ පවතින අතර එහි ඉදිකිරීම් කඩිනම් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා දී තිබේ.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(29) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය. ඇතුල්කෝට්ටේ, අංගම්පිටිය මාර්ගය සහ නාවල - රාජගිරිය මාර්ගයේ පාසැල් පටුමග සම්බන්ධ කරමින් රාජගිරිය නාවල ඇළ හරහා මෙම පාලම ඉදි කරනු ලැබේ. මංතීරු දෙකකින් යුත් මෙම නව පාලම මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා සැලසුම් සංස්ථාව විසින් ඉදිකරීම් කටයුතු සිදුකරනු ලබයි . දිගින් මීටර් 600ක් සහ පළල මීටර් 10.4ක් වන මෙම පාලම ඉදිකිරීමට ඇස්තමේන්තුගත මුදල රු. මිලියන 1,698.55 කි. පාලම දෙපස මීටර් 1.5 බැගින් වූ පදික වේදිකා දෙකක් ඉදිකෙරෙන අතර අංගම්පිටියේ සිට පාලම දෙසට මීටර් 60ක් දිග ප්‍රවේශ මාර්ගයක් සහ පාලමේ සිට පාසල් මංතීරුවට මීටර් 40ක් දිග ප්‍රවේශ මාර්ගයක් ද ඉදි කෙරේ. නව පාලම ප්‍රදේශයේ වගුරු බිම්වලට හානි නොවන පරිදි කණු මත ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙම නව පාලම ඉදිකිරීමත් සමග පාර්ලිමේන්තු පාරේ සහ කෝට්ටේ දෙසින් පැමිණෙන වාහනවලට නාවල ප්‍රදේශයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර රාජගිරිය මාර්ගයේ පවතින රථවාහන තදබදයට සහනයක් ලැබෙන බව එම මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ ය.
වෙනත් ලිපි
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
වෙසක් උත්සවයට සමගාමීව කසළ කළමනාකරණ වැඩසටහනක්
කොත්මලේ බස් අනතුරෙන් මියගිය අය වෙනුවෙන් මුදල්..
කොත්මලේ බස් අනතුරින් මියගිය ගණන 21 ක් දක්වා ඉහළට..
සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට...
කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය ගණන 8ක් දක්වා ඉහළට
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය