පෞද්. අංශයෙන් විදුලිය මිලට ගැනීමට තීරණයක්

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීමට තීරණයක් - විදුලි බල අමාත්‍යාංශය

by Staff Writer . 30-01-2022 | 7:58 AM

COLOMBO (News 1st) - පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට විදුලි බල අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ , ඒ සඳහා හෙට (31) කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ය. විදුලි බල මණ්ඩලය, අයි.ඕ.සී. සමාගමෙන් සෘජුවම ඉන්ධන මිලදී ගැනීමට කටයුතු කරමින් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.