by Staff Writer . 30-01-2022 | 9:51 PM
COLOMBO (News 1st) - පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනය සඳහා පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබා ගැනීමට සුදානම් වන බව වාර්තා වේ.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ පකිස්ථාන සංචාරය අතරතුර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ .
අදාළ භාණ්ඩ ආනයනය කිරීම් වෙළද අමාත්‍යංශ හරහා සිදුකිරීමට නියමිත බවත් ඊට අදාළ ගිවිසුම් කෙටුම්පත නුදුරේදීම මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් තොරතුරු අනාවරණය වේ
පකිස්ථාන - ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම යටතේ අමෙරිකා ඩොලර් මිලියන 500 ක ද්‍රව්‍ය අපනයනය කිරීමේ හැකියාව ද පකිස්ථානය සතුය.