by Staff Writer . 30-01-2022 | 1:39 PM
COLOMBO (News 1st) - කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාම හමුවේ දැනට පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හෙට (31) නිකුත් කරන බවය.
ඉදිරි දෙසතිය තුළ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තීරණය වන්නේ ජනතාව මේ දිනවල ක්‍රියාකරන ආකාරය අනුව බැවින් ඉතා වගකීමෙන් කටයුතු කරන්නැයි, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය.