රෆායල් නඩාල්ට තවත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක්

ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලි⁣යේ කේවල ශූරතාව රෆායල් නඩාල්ට

by Staff Writer . 30-01-2022 | 9:55 PM

COLOMBO (News 1st) - ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් 2022 ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව අද (30) දිනා ගත්තේ ය.

ඒ, අවසන් මහා තරගයේදී වට 3 ට 2 ක් ලෙස රුසියාවේ ඩැනීල් මෙඩ්වඩෙෆ් පරාජය කරමිනි. රෆායල් නඩාල් ජයග්‍රහණය කළ 21 වැනි ලොව ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව මෙය වේ.