by Staff Writer . 30-01-2022 | 1:33 PM
COLOMBO (News 1st) - 2022 ලෙජන්ඩ්ස් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම දිනා ගත්තේ ය.
ඒ, ඒෂියා ලයන්ස් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගය ලකුණු 25 කින් ජය ගනිමිනි.
තරග බිමෙන් සමුගත් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවති, ලෙජන්ඩ්ස් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඕමානයේදී පැවැත් විය.
එහි අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඒෂියා ලයන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන්, වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 256 කි.
කෙවින් පීටර්සන් ලකුණු 48 රැස් කළේ ය.
කොරේ ඇන්ඩර්සන් නොදැවී ලකුණු 94 ක් හිමිකර ගත්තේ ය.
පන්දු යැවීමේ දී නුවන් කුලසේකර කඩුලු 3 ක් දවා ගත්තේ ය.
මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් එක් කඩුල්ල බැගින් දවා ගත්තේ ය .
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඒෂියා ලයන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 231 ක් පමණි.
ටී.එම් ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය පළමු කඩුල්ලට ලකුණු 57 ක සබඳතාවක් ගොඩ නැගුවේ ය.
ඩිල්ෂාන් ලකුණු 25 කට දැවී ගියේ ය.
සනත් ජයසූරිය ලකුණු 38 යි.
උපුල් තරංග ලකුණු 25 කට දැවී ගියා අතර නුවන් කුලසේකර ලකුණු 17 ක් රැස් කළේ ය.