by Staff Writer . 30-01-2022 | 9:47 AM
COLOMBO (News 1st) - උඩප්පුව, කොත්තන්තිව් ප්‍රදේශයේ පිහිටි ඉස්සන් ගොවිපලක ඇති ඇළකට වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම මරණය සැක සහිත බව ය.
මිය ගිය පුද්ගලයා 30 හැවිරිදි බෙරගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අදාල ඉස්සන් ගොවිපලෙහිම සේවකයෙකි.
පශ්චාත් මරණ පරික්ෂණය අද (30) පැවැත්වීමට නියමිත ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.