වතුර බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

වතුර බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

by Staff Writer . 29-01-2022 | 1:42 PM

COLOMBO (News 1st): වතුර බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ, පානීය ජල බෝතල් නිෂ්පාදකයින් විසින් කරන ලද ඉල්ලීම් කිහිපයක් සලකා බලා මෙම පියවර ගත් බව ය. ජල බෝතල් ඇසුරුම් කිරීමට භාවිත කරන ප්ලාස්ටික් ඇතුළු අමුද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් තමන්ට පාඩු විදීමට සිදුව ඇති බවට ඔවුන් පෙන්වා දුන් බව අධිකාරිය ප්‍රකාශ කළේ ය. පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් තම ආයතනය පනවා තිබූ පාලන මිල ගණන් කිසිවක් ක්‍රියාත්මක නොවන බව ය.