by Staff Writer . 29-01-2022 | 12:56 PM
COLOMBO (News 1st): කරදියනාරු, මුණවර, පෙරියපිල්ලුමලේ ප්‍රදේශයේදී මිල කළ නොහැකි ගජමුතු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) කළ වැටලීමකදී ය.
අවුරුදු 29 සහ 52 හැවිරිදි සැකකරුවන් මහඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
රක්ෂිත තුළ ජීවත්වන ඇතුන් ඝාතනය කර එම ගජමුතු ලබා ගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.