by Staff Writer . 29-01-2022 | 3:09 PM
COLOMBO (News 1st) - විනෝද චාරිකා සඳහා විවිධ පළාත්වලට යන පුද්ගලයින් ජල මූලාශ්‍රවල දිය නෑමේදී සැලකිලිමත් විය යුතු බව පොලීසිය පවසයි.
පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියංකර ද සිල්වා මහතා සඳහන් කළේ, දියේ ගිලීම් හේතුවෙන් වසරක පුද්ගලයින් 500 දෙනෙකු පමණ මියයන බවය.
පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් මැදිහත්ව දියේ ගිලුණු පුද්ගලයින් 33 දෙනෙකුගේ ජීවිත පසුගිය වසරේ බේරාගෙන තිබේ.
වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 20 කට අධික පිරිසක් දියේ ගිලීම් හේතුවෙන් මිය ගියේ ය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියංකර ද සිල්වා මහතා පැවසුවේ, ගංගා ඇළ දොළ හා වැව්වල මෙන්ම මුහුදේ දිය නෑමේදී එහි අනතුරුදායක තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත් බවය.