ගැරඩිඇල්ලේ මිය ගිය ගණන 4 දක්වා ඉහළට

ගැරඩිඇල්ලේ මිය ගිය ගණන 4 දක්වා ඉහළට

by Staff Writer . 29-01-2022 | 9:14 PM

COLOMBO (News 1st) - බණ්ඩාරවෙල , ගැරඩිඇල්ලේ දියනෑමට ගොස් අතුරුදන් වූ තවත් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ , ඔවුන් අවුරුදු 20 ත් 21 ත් වයස්වල පසුවූ තරුණියන් බව ය. ඒ සමග ගැරඬිඇල්ලේ දියනෑමට ගොස් මියගිය සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබේ. මීට පෙර තවත් අයෙකුගේ සිරුරක් සොයා ගත්තේය. පොලිසිය සඳහන් කළේ ,අතුරුදන් වූ තවත් කාන්තාවක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ය. මියගිය පුද්ගලයින්ගේ සිරුරු ඇටැම්පිටිය රෝහලට රැගෙන ගොස් තිබේ. අද (29) පස්වරුවේ පිරිසක් ගැරඬිඇල්ලේ දියනාමින් සිටියදී සැඩපහරකට හසුවිය. මොවුන් ඇටැම්පිටිය, ගාවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.