by Staff Writer . 29-01-2022 | 12:54 PM
COLOMBO (News 1st): අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් පානදුර ප්‍රසිද්ධ පිරිමි පාසලක විදුහල්පතිවරයා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ, සැකකරු පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරවයි.
පාසලේ පළමු ශ්‍රේණියට සිසුවෙකු අතුළත් කර ගැනීම සඳහා රුපියල් 150,000 ක අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරු ඊයේ (28)පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතා සඳහන් කළේ ය.