ශ්‍රී ලංකාව පැරදූ ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකාව පැරදූ ඇෆ්ගනිස්ථානය 19න් පහළ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

by Staff Writer . 28-01-2022 | 7:53 AM

COLOMBO (News 1st) - ඇෆ්ගනිස්ථානය 2022 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ, ශ්‍රී ලංකාව සමග පැවති සුපර් ලීග් අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ලකුණු 4 කින් ජය ගනිමිනි. ඇන්ටිගාහී පැවැති මෙම තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන 19 න් පහළ ක්‍රීඩකයින් පන්දුවාර 47 යි එක් පන්දුවක් අවසානයේ සියළු දෙනා දැවී ලකුණු 134 ක් රැස් කළේ ය. අබ්දුල් හාඩි ලකුණු 37 යි. පන්දු යැවීමේදී විනුජ රන්පුල් කඩුලු 5 ක් දවාගත් අතර නායක දුනිත් වෙල්ලාලගේ කඩුලු 3 ක් දවා ගත්තේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට පන්දුවාර 46 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගත හැකි වූණේ ලකුණු 130 ක් පමණි. නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 34 ක් රැස් කළේ ය.