පූගොඩ පොලිස් ස්ථානාධිපතිට පොලු පහරක්

පූගොඩ පොලිස් ස්ථානාධිපතිට පොලු පහරක්

by Staff writer 28-01-2022 | 3:02 PM

COLOMBO (News 1st) – පොල්ලකින් පහරදීම හේතුවෙන් පූගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා රෝහල්ගතකර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අජිත් රෝහණ මහතා පැවසුවේ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාට මෙලෙස පහරදී ඇති බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.