නිදහස් උත්සවය සඳහා රථ වාහන සැලැස්මක්..

නිදහස් උත්සවය හා පෙරහුරු වැඩසටහන සඳහා රථ වාහන සැලැස්මක්..

by Staff writer 28-01-2022 | 5:02 PM
COLOMBO (News 1st):  74 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය සහ සම්මාන පෙළපාලි පෙරහුරු වැඩසටහන හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් පොලිස් මූලස්ථානය නිකුත් කර තිබේ. ඒ අනුව නිදහස් උළෙලේ පෙළපාලි පෙරහුරු වැඩසටහන 2022.01.29 වන දින සිට 2022.02.03 වන දින දක්වා දිනපතා පෙ.ව 7.00 සිට ප.ව 2.00 දක්වා සිදු පැවැත්වෙන අතර, ජාතික නිදහස් සැමරුම් උත්සවය 04 වැනිදා නිදහස් චතුරස්‍රයේදී පැවැත් වේ. ඒ අනුව , ඉහත දක්වා ඇති වේලාවන් තුළ කොළඹ හා ඒ ආසන්න මාර්ග කිහිපයක් විටින් විට රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති. එලෙස රථවාහන ගමනාගමනය සීමා කරන මාර්ග..