තුර්කි විදේශ ඇමති ජනපති හමුවෙයි..

තුර්කි විදේශ ඇමති ජනපති හමුවෙයි..

by Staff Writer . 28-01-2022 | 10:28 PM

COLOMBO (News 1st):  එක්දින සංචාරයක් සඳහා අද (28) පෙරවරුවේ මෙරටට පැමිණි තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් වව්සෝග්ලු මහතා ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා හමුවිය.

ජනාධිපති කාර්යාලයේ පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාව හා තුර්කිය අතර වෙළද ගනුදෙනු ප්‍රවර්ධනය කෙරෙහි අවදානය යොමුවී තිබේ. විදේශ අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ , වෙළෙඳ කටයුතු විවිධාංගීකරණය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ රැසකට තුර්කි වෙළෙඳපොළ පුළුල්ව විවෘත කරන බවයි. ශ්‍රී ලංකාවේ අයෝජන අවස්තා පිළිබඳව එරට ව්‍යවසායකින් දැනුවත් කරන බවද මෙව්ලුට් වව්සෝග්ලු මහතා ප්‍රකාශ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කොවිඩ් මර්ධනය සඳහා වෛද්‍ය උපකරණ ඇතුළු ලබාදුන් ආධාරවලට මෙහිදී ජනාධිපතිවරයා ස්තූතිය පළ කළ බවයි.