ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff Writer . 28-01-2022 | 7:46 AM

COLOMBO (News 1st) - දේශීය පුවත්

1 කොවිඩ් ආසාදිතයින් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශය යාවත්කාලීන කෙරේ කෝවිඩ් -19 ආසාදිතයන් සහ ආශ්‍රිතයන් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශය යාවත්කාලීන කර තිබේ. 2. පානදුරේදී ගිලන් රථයකට වෙඩි තැබීමේ උත්සාහයක් පානදුරේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගිලන් රථයකට වෙඩි තැබීමට උත්සාහ දරා ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. 3. බූස්ටර් මාත්‍රාව ගත් පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා ගොස් තිබේ. 4. ඔමික්‍රෝන් ව්‍යාප්තියට මුහුණ දෙන්න සෞඛ්‍ය පද්ධතිය සූදානම් – කෙහෙළිය ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීම සඳහා මෙරට රෝහල් පද්ධතිය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.