හොර පාරෙන් ගෙන්වූ බීට්රූට් තොගයක් රේගු භාරයට

අර්තාපල් මුවාවෙන් නීති විරෝධීව ගෙන ආ බීට්රූට් තොගයක් රේගු භාරයට..

by Staff Writer . 28-01-2022 | 8:30 PM

COLOMBO (News 1st): පකිස්ථානයේ සිට අර්තාපල් ගෙන්වන මුවාවෙන් නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බීට්රූට් කිලෝග්‍රෑම් 16,000ක් රේගු භාරයට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ, බහාලුම් 02ක් පරීක්ෂා කිරීමේදී එම බීට්රූට් තොගය සොයාගත් බවය.