අමෙරිකාවෙන් රුසියාවට තවත් අනතුරු ඇඟවීමක්

අමෙරිකාවෙන් රුසියාවට තවත් අනතුරු ඇඟවීමක්

by Staff Writer . 28-01-2022 | 8:55 AM

COLOMBO (News 1st) - අමෙරිකාව විසින් රුසියාවට තවත් අනතුරු ඇඟවීමක් සිදුකරනු ලැබ තිබේ.

ඒ රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කළහොත්, බටහිර යුරෝපයට රුසියානු ගෑස් සැපයීම සඳහා වන ප්‍රධාන නල ව්‍යාපෘතියක් විවෘත කිරීම නවතා දමන බවට ය. මෙම ගෑස් නල මාර්ගය රුසියාවේ සිට ජර්මනිය දක්වා ඉදිවෙමින් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, බටහිර රටවල් රුසියාවේ ආර්ථිකය ඉලක්ක කර ගනිමින් එම පියවර ගැනීමට නියමිත බව ය. කෙසේවෙතත් යුක්‍රේනය ආක්‍රමණය කරන බවට එල්ල වන චෝදනා රුසියාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.