''අනා'' සුළි කුණාටුවේ බලපෑමෙන් 70 දෙනෙකු මරුට..

'අනා' සුළි කුණාටුවේ බලපෑමෙන් 70 දෙනෙකු මරුට..

by Staff writer 28-01-2022 | 3:09 PM

News 1st –  අනා සුළි කුණාටුවේ බලපෑමෙන් දකුණු අප්‍රිකාවේ පුද්ගලයින් 70 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ , කුණාටුව හමුවේ හටගත් දැඩි ගංවතුර හේතුවෙන් එම පිරිස මියගොස් ඇති බවයි. අනා සුළි කුණාටුවෙන් මැඩගස්කර් රාජ්‍යයට බලපෑම් එල්ල වී තිබේ. එරටින් පුද්ගල මරණ 48 ක් වාර්තා වී ඇති අතර වාසස්ථාන අහිමි වී ඇති පිරිස 130,000 කි. සුළි කුණාටුවේ බලපෑමෙන් මලාවි රාජ්‍යයේ ද , පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර රට පුරා විදුලිය ද ඇණහිට තිබේ. අනා සුළි කුණාටුව හේතුවෙන් මොසැම්බික් රාජ්‍යයේ ද, පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේ ය.