අද දවසේ කාලගුණ අනාවැකිය

අද දවසේ කාලගුණ අනාවැකිය

by Staff Writer . 28-01-2022 | 9:55 AM

COLOMBO (News 1st) –  උතුර, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද අලුයම නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි ය.