English
தமிழ்
කර්තෘ Staff Writer .
28 Jan, 2022 | 11:21 am
සතොස සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර වෙනත් කටයුතුවලට යොදා ගැනීමේ චෝදනා මත හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවරා තිබූ නඩු 3කින් එසේ ඔවුන් අද නිදහස් කෙරිණ.
නඩු පැවරීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේම නිසි අනුමැතියකින් තොරව නඩු පවරා තිබීම හේතුවෙන් සැකකරුවන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ ය.
අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද අධිකරණයෙන් ඉල්ලා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 186 වන වගන්තිය ප්‍රකාරව නැවත නඩුවක් ගොනු කිරීමේ අයිතියට යටත්ව සැකකරුවන් නිදහස් කරන ලෙසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමසම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු 05 ක් පවරා තිබූ අතර අමාත්‍යවරයා මහාධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ඉන් නඩු දෙකකින් ඔහු නිදහස් විය.
ඒ අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ නිසි අනුමැතියකින් තොරව එම නඩු පවරා තිබීම හේතුවෙනි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ නිසි අනුමැතියකින් තොරව පවරා ඇති නඩු 53 කට ආසන්න සංඛ්‍යාවක සැකකරුවන් මේ වන විටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස් කර තිබේ.
09 Jun, 2023 | 07:23 PM
09 Jun, 2023 | 05:12 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS