by Staff Writer . 28-01-2022 | 9:39 AM
COLOMBO (News 1st) – තුර්කි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මෙව්ලුට් චැවුෂෝලු මහතා නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණියේ ය.
කටුනායක ගුවන්තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ ඔහු සමග තවත් සාමාජිකයින් 9 දෙනෙකු ද දිවයිනට පැමිණි බවයි.
දිවයිනට පැමිණි තුර්කි විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
එක් දින නිල සංචාරය නිමා කරමින් තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා දූත පිරිස අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.