ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන තරගය අද සවස

19න් පහළ ලෝක කුසලානය: ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන තරගය අද සවස

by Staff Writer . 27-01-2022 | 4:17 PM

COLOMBO (News 1st) –  වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන සුපර් ලීග් වටයේ අර්ධ අවසන් පූර්ව තරගය අද (27) පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ පවසන්නේ තම කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් උපරිම උනන්දුවෙන් කැප වන බවයි. තරගාවලියේ මූලික වටයේ D කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සුපර් ලීග් වටයට පිවිසියේ අපරාජිත කණ්ඩායමක් ලෙසයි. ඔවුන් හමුවේ ඔස්ට්‍රේලියා, බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්ත කණ්ඩායම් පරාජය විය. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාගේ තමන්ගේ සහ තම සාමාජිකයන්ගේ දක්ෂතා පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්.
''මං හැම වෙලාවෙම මගේ ශක්තිය පිළිබඳව විශ්වාස කරනවා. ඒ වගේම අවසන් මොහාත දක්වාම සටන් කරනවා. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකයා වෙන්න මට පුංචි කාලේ ඉඳලාම උවමනාවක් තිබුණා. මේ ලැබුණ අවස්ථාව ගැන මං ගොඩාක් සතුටු වෙනවා. මගේ කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් උපරිම උනන්දුවෙන් කැප වෙන පිරිසක්. ඔවුන්ට අවශ්‍ය හැම වෙලාවෙදිම හොඳම දේ කරන්න. ඔවුන් දිනන්න හොඳ සටනක් දෙනවා. මට මගේ කණ්ඩායම ගැන ගොඩාක් සතුටුයි''
ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන තරගය මෙරට වේලාවෙන් සවස 6.30ට ඇන්ටිගාහිදී ආරම්භ වීමට නියමිතයි.