බූස්ටර් මාත්‍රාව ගත් සංඛ්‍යාව මිලියන 5 පනී

බූස්ටර් මාත්‍රාව ගත් පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි

by Staff Writer . 27-01-2022 | 8:46 AM

COLOMBO (News 1st) –  ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේදී එන්නත් මාත්‍රා 30,253 ක් ලබා දීමත් සමගයි. ඔමික්‍රොන් කොවිඩ් ව්‍යාප්තිය හමුවේ බුස්ටර් එන්නත කඩිනමින් ලබා ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි. මේ අතර මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ යළි 900 සීමාව ඉක්මවා ගියේ ය. විදෙස්ගතව පැමිණි 05 දෙනෙකු සමග එලෙස හඳුනා ගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 927 කි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 604, 581 කි. කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 15 346 දෙනෙකු මිය ගොස් ඇති අතර සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 576 781 ක් ලෙසයි. ආසාදිතයින් 12,454 දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී.