''විදුලි අර්බුදයට අපි මුහුණ දිය යුතුයි''

පසුගිය ආණ්ඩුව රජයට චෝදනා කරත් එක බලාගාරයක් හැදුවෙ නැහැ - කනක හේරත්

by Staff Writer . 27-01-2022 | 9:37 AM

COLOMBO (News 1st) –  ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ 2030දී 70% ක් පුනර්ජනනීය බලශක්තිය ඇති කිරීම බවත් එය සිදු කළ නොහැකි කරුණක් නොවන බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, විදුලි අර්බූදය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව රජයට චෝදනා කළ ද එකදු බලාගාරයක් හෝ ඉදි කිරීමට කටයුතු නොකළ බවයි.
''දැන් විදුලි අර්බුදය ගැන කතා කරනවා. අපි ඒකට මුහුණ දිය යුතුයි. පසුගිය ආණ්ඩුව දැන් මේ රජයට චෝදනා කරත් එක බලාගාරයක් හදන්න කටයුතු කරේ නැහැ. වසර 07 කින් විතර අපේ බලාගාරයක් ඇති වෙලා නැහැ''
රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පුහුණුව ලැබු අභ්‍යාසලාභි උපාධිදාරීන් සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානයට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. අමාත්‍යරයා පවසන්නේ, වෙනසක් සිදු කිරීමට නම්, සියලු දෙනාගේ සහය අවශ්‍ය බවයි.
''ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ 2030 දි පුනර්ජනනීය බලශක්තිය 70% ක් ඇති කරන්න.ඒක කරන්න බැරි කාරණයක් නෙවෙයි. ඒක පරිසර හිතකාමි අනිත් පැත්තෙන් අපේ රටේ විදේශ විනිමය ඉතුරු වන වැඩපිළිවෙළක්.  ඉතින් ඒක කරන්න යද්දි යම් යම් කණ්ඩායම් විදුලිබල මණ්ඩලයේම ඉන්න කණ්ඩායම් ඒක කරන්න දෙන්නේ නැහැ. නැවතත් ගල්අඟුරු ඩීසල් බලාගාර ඇති කරන්න කියලා ඉල්ලීම් කරනවා. නමුත් මේ ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. එල් එන් ජි ගිවිසුම අත්සන් කරා. ඒකටත් විරෝදය පානවා. වෙනසක් කරන්න නම් ඒකට හැමෝගෙම සහය දිය යුතුයි''