දෛනික විදුලි කප්පාදුවකට යයි ද? තීරණය අද

දෛනික විදුලි කප්පාදුවකට යයි ද? තීරණය අද (27) සවස

by Staff Writer . 27-01-2022 | 10:21 AM

COLOMBO (News 1st) –  ඉදිරි දින කිහිපයේ දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර දෙනවා ද? නැද්ද යන්න පිළිබඳ අද (27) දිනයේ තීරණයක් ගන්නා බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ,දැනට පවතින විදුලි ඉල්ලුම, ඊට අදාළ සැපයුම සහ බලාගාරවල ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය තෙල් සංචිත පවතින්නේ ද යන කරණු පදනම් කර ගෙන එම තීරණය ගන්නා බවයි. ඒ අනුව අද සවස වන විට දෛනික විදුලි කප්පාදුවකට යන්නේ ද? නැද්ද යන්න තීරණය කරනු ඇති. පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් පසුගිය 25 වැනිදා සිදු කළ සමාලෝචනයෙන් පසු අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කළේ ය.