English
தமிழ்
කර්තෘ Staff Writer .
27 Jan, 2022 | 8:12 pm
ඒ, නව ප්‍රභේද සමග වෙනස් වූ වෛරසයේ ක්‍රියාකාරීත්වය, එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය මෙන්ම කොවිඩ් පිළිබඳව අලුත්ම විද්‍යාත්මක දත්ත පදනම් කරගෙනයි.
මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක්ගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වුවත්, කිසිදු රෝග ලක්ෂණයක් නොමැති නම් නිවාසගත නිරෝධායනයට ලක්විය යුතු නැහැ. ඔවුන්ට තමන්ගේ එදිනෙදා කටයුතු නව සාමාන්‍ය ජීවන රටාව අනුව කරගෙන යා හැකි අතර යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් පමණක් රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂාවක් සිදු කර ගැනීම ප්‍රමාණවත් වේ.
මෙසේ සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූවා යැයි සැලකෙන්නේ පහත සඳහන් කණ්ඩායම් පමණි.
ඔබ වයස අවුරුදු 20 ට වැඩි නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දෙවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගත වී තිබිය යුතුයි. දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස තුනකට වඩා වැඩි නම් බූස්ටර් මාත්‍රාව ලබා තිබීම අනිවාර්ය වේ.
එමෙන්ම නව මාර්ගෝඋපදේශවලට අනුව, දෙවැනි මාත්‍රාවෙන් පසුව ආසාදිතයකු බවට පත්වුවහොත් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සඳහා, ආසාදනය වූ දිනයේ සිට මසක පරතරයක් පැවතීම ප්‍රමාණවත්.
වයස අවුරුදු 16-19 අතර දරුවන් පූර්ණ එන්නත්කරණයට එක ලක්වී ඇතැයි සැලකෙන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන එවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගත වූ පසුවයි.
වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන් එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන සති දෙකක් ගත වූ පසු පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් දෙස සැලකේ.
මෙලෙස පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පළමු පෙර ආශ්‍රිතයන් සියලු දෙනා දින 7 ක කාලයක් නිවාසගත නිරෝධායනයට ලක්වීම අනිවාර්යවන අතර රෝග ලක්ෂණ ඇති වූවොත් පරීක්ෂණ සඳහා යොමු කෙරේ.
16 May, 2022 | 10:29 AM
16 May, 2022 | 07:20 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS