IDH රෝහලේ කොරෝනා අසාදිතයින් 50% කින් ඉහළට

IDH රෝහලේ කොරෝනා අසාදිතයින් 50% කින් ඉහළට

by Staff Writer . 26-01-2022 | 11:17 AM

COLOMBO (News 1st) –  කොළඹ IDH රෝහලේ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 50% කින් පමණ ඉහළ ගොස් තිබේ.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසුවේ, දැඩි සත්කාර ඒකකවල රෝගීන් සංඛ්‍යාව ද උපරිම මට්ටමට ළඟා වී ඇති බවයි. යළිත් කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක් පවතින බැවින් පසු ගිය සතියට සාපේක්ෂව ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේ ය. මේ අතර පසුගිය දින 6 තුළම මෙට දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වූයේ 800 සීමාව ඉකමවමිනි. ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 891 දෙනෙකු මෙරටින් හදුනා ගැනිණ.