IDH රෝහලේ කොරෝනා අසාදිතයින් 50% කින් ඉහළට

IDH රෝහලේ කොරෝනා අසාදිතයින් 50% කින් ඉහළට

IDH රෝහලේ කොරෝනා අසාදිතයින් 50% කින් ඉහළට

කර්තෘ Staff Writer .

26 Jan, 2022 | 11:17 am

COLOMBO (News 1st) –  කොළඹ IDH රෝහලේ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 50% කින් පමණ ඉහළ ගොස් තිබේ.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසුවේ, දැඩි සත්කාර ඒකකවල රෝගීන් සංඛ්‍යාව ද උපරිම මට්ටමට ළඟා වී ඇති බවයි.

යළිත් කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක් පවතින බැවින් පසු ගිය සතියට සාපේක්ෂව ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර පසුගිය දින 6 තුළම මෙට දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වූයේ 800 සීමාව ඉකමවමිනි.

ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 891 දෙනෙකු මෙරටින් හදුනා ගැනිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]