ලසිත් මාලිංගට පුහුණුකරු ධුරයක්

ලසිත් මාලිංගට පුහුණුකරු ධුරයක්

by Staff writer 26-01-2022 | 9:46 PM

COLOMBO (News 1st) - හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, එළැඹෙන ඔස්ට්‍රේලියා තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රමෝපාය පුහුණුකරු ලෙස පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ බව සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමිනි. පන්දුවාර 20යි 20 තරග 5කින් සමන්විත තරගාවලිය ලබන මස 11 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතය.