බොරැල්ල අත්බෝම්බය: පැය 2ක රහස් ප්‍රකාශයක්

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බය: අත්අඩංගුවට පත් වෛද්‍යවරයාගෙන් පැය දෙකක රහස් ප්‍රකාශයක්

by Staff writer 26-01-2022 | 9:09 PM

COLOMBO (News 1st) - බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ ජීව අත්බෝම්බයක් තබා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටින වෛද්‍යවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (26) පැය දෙකක රහස් ප්‍රකාශයක් ලබා දුන්නේ ය.

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ශර්ලි දයානන්ද නැමති මෙම වෛද්‍යවරයා රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) අධිකරණය වෙත රැගෙනවිත් තිබුණි. රහස් ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව නැවතත් ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගියේ ය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ප්‍රකාශයක් මත මෙම වෛද්‍යවරයා පසුගිය 16 වැනිදා පිළියන්දල පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණි.