පෞ. විදුලි ජනන යන්ත්‍ර ජාතික පද්ධතියට?

පෞ. විදුලි ජනන යන්ත්‍ර ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම්

by Staff Writer . 26-01-2022 | 8:21 AM

COLOMBO (News 1st) –  පෞද්ගලික හා රාජ්‍ය ආයතන සතුව පවතින විදුලි ජනන යන්ත්‍ර ජාතික පද්ධතියට එක්කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, මෙගාවොට් 2000 ක පමණ විදුලි ධාරිතාවක් ජනනය කළ හැකි ජනන යන්ත්‍ර එම ආයතන සතුව ඇති බවයි. කොළඹ නගරයේ ස්ථාන 10 ක පමණක් මෙගාවොට් 60 ක් ජනනය කළ හැකි විදුලි ජනන යන්ත්‍ර පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය. ජනක රත්නායක මහතා සඳහන් කළේ, පවතින විදුලි අර්බුය නිම වෙන තෙක් එම ජනන යන්ත්‍රවල සේවය ලබාගැනීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි.