ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ වගකීම රුමේෂ්ට .

ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ වගකීම රුමේෂ්ට ...

by Staff writer 26-01-2022 | 4:30 PM

COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණූකිරීමේ වගකීම හිටපු ක්‍රීඩක රුමේෂ් රත්නායකට පවරා තිබේ.

ඔහු පසුගිය දා අවසන් වූ සිම්බාබ්වේ - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ දී ද ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස කටයුතු කළේය. මේ අතර, අද (26) ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20-20 තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ද නම් කළේය. එහි උපනායකත්වය චරිත් අසංලකට ලබා දීම විශේෂත්වයක් වන අතර, නායකත්වය දරන්නේ දසුන් ශානක. තරගාවලිය ලබන මස 11 වැනි දා පැවැත්වීමට නියමිතයි.