ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 සංචිතය මෙ න්න...

ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 සංචිතය මෙන්න...

by Staff Writer . 26-01-2022 | 2:46 PM

COLOMBO (News 1st) –  ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 5කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

දසුන් ශානක එහි නායකත්වයට පත් කර ඇති අතර උප නායකත්වයට පත් කර ඇත්තේ, චරිත් අසලංකයි. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගාවලියට ඇතුළත් නොවූ අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, වනිදු හසරංග සහ ලහිරු කුමාර ද ඊට ඇතුළත්ව සිටිති. තරගාවලිය ලබන මස 11 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතයි. ? ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වේ. දසුන් ශානක - නායක චරිත් අසලන්ක - උප නායක අවිශ්ක ප්‍රනාන්දු පැතුම් නිස්සංක ධනුෂ්ක ගුණතිලක කුසල් මෙන්ඩිස් දිනේෂ් චන්දිමාල් චාමික කරුණාරත්න ජනිත් ලියනගේ කමිල් මිෂාර රමේෂ් මෙන්ඩිස් වනිඳු හසරංග ලහිරු කුමාර නුවන් තුෂාර දුෂ්මන්ත චමීර බිනුර ප්‍රනාන්දු මහේෂ් තීක්ෂණ ජෙෆ්රි වැන්ඩසේ ප්‍රවීන් ජයවික්‍රම ෂිරාන් ප්‍රනාන්දු