විදුලි උත්පාදනයට ඉන්ධන ප්‍රමාණවත් අදට පමණයි – ලං.වි.ම.

විදුලි උත්පාදනයට ඉන්ධන ප්‍රමාණවත් අදට පමණයි – ලං.වි.ම.

විදුලි උත්පාදනයට ඉන්ධන ප්‍රමාණවත් අදට පමණයි – ලං.වි.ම.

කර්තෘ Staff Writer .

26 Jan, 2022 | 8:04 am

COLOMBO (News 1st) –  විදුලිය උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද දිනයට පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, කැලණිතිස්ස බලාගාර සංකීරණයට විදුලිය උත්පාදනය සඳහා ලබාදුන් ඩීසල් තොග අද අවසන් වන බවයි.

සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරය සඳහා දැවි තෙල් ප්‍රමාණවත් වන්නේද අද දිනයට පමණක් බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුවත් කර ඇති බව විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

ඔහු සඳහන් කළේ ඇණවුම් කළ ඩීසල් හා දැවි තෙල් අද දිනයේ නොලැබුණහොත් විදුලිය කප්පාදුවකට යාමට සිදුවන බවයි.

කෙසේ වෙවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ විදුලිය කැපීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ නව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කළ ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරු ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා අද සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]